පානා ඌවේ සිරි මුළු දියතේ පස්සර ගම්මානේ
අමිල නිමල ගුණයෙන් පිරි පෝෂිත සුපතල ලක්දෙරණේ
ගැමුණූ මහා විදුහල් මෑණි දේවිනියක ගුණයෙන් ගිහිණි
පාමිණි හරසර සිතු බැතිනි පා යුග නම කරනෙමු නිතිනි
සොබා සොඳුරු සිරි කැටි කර නිමවුණූ නිල්වන් වන රැල්ලයි
අභීත සුරවිරු පෙළහළ දරුනගේ නිජබිම ඕවිල්ලයි
නමුණුකුලය ගිරි හිස දැවටී එන සිසිලස් නළ රැල්ලයි
ඇසුර ඇසුම ගත සිතට නෙතට නිති ඉමිහිරි සැනසිල්ලයි
දවා ගුණ ගති මවා සුගුණ නිති වඩයි සදා නිතිනි
කලා ශිල්ප විදු නැණින් සුපෝෂිත දරුන් රකින මවුනි
අවිදු අදුර මැඬ විදු ආලෝකය සැම වෙත යොමු කෙරිනි
දෙස බස සමයට පෙමින් වැඬුනි දු පුතුන් වඩන මවුනි
ගැමුණූ මහා විදුහල් මෑණි ...............