: (+94)552288263

: [email protected]

භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
GEMUNU M.V.

බ/ගැමුණු මහා විදුහල

පස්සර කලාපය

  • Register
  • Login
GEMUNU M.V.

බ/ගැමුණු මහා විදුහල

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • school map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

 

ශ්‍රී ලංකා පාසල් ව්‍යාප්ත  කරන කාලයේදී ඌව පළාතේ බිහිවුණූ පාසල් දෙක තුන අතරින් එක් පාසලකි . පස්සර බ / ගැමුණූ මහ විදුහල . මෙහි ඉතිහාසය සොයා බැලීමේදී මිෂනාරී පාසලක් ලෙසත් , ප්‍රාථමික පාසලක් ලෙසත් , මිශ්‍ර පාසලක් ලෙසත් , මධ්‍ය මහ විදුහලට අනුබද්ධ  පාසලක් ලෙසත් , ප්‍රාථමික , කනිෂ්ඨ හා කනිෂ්ඨ ද්වීතියික පාසලක්  ලෙස විකාශනය වී වර්තමානයේ මෙය මහා විද්‍යාලයක් බවට පත්වී ඇත . එය බ / ගැමුණූ මහ විද්‍යාලය ලෙස හැඳින්වේ .

            පස්සර   ප්‍රදේශයේ මුලින්ම අරඹා ඇත්තේ , කතෝලික පල්ලියක් ආශ්‍රිත පාසලක් ලෙසිනි . වර්ෂ 1885 කතෝලික පුජකවරයකු වන “ කැස්පර් “ මහතා මිෂනාරී පාසලක් ලෙස ආරම්භ කර ඇතැයි විශ්වාස ආරංචි මාර්ග වලින් තොරතුරු දත හැකිය . පස්සර ප්‍රදේශයේ පිරිමි පාසලක් ලෙස අරඹා මුල්ම විදුහල්පති ලෙස , බෝතේජු මහතා කටයුතු කර ඇත .  ඉන් අනතුරුව පිළිවෙළින් අල්විස් මහතා එච්.ඩී පෙරේරා මහතා විදුහල්පතිවරු ලෙස කටයුතු කරන අතරතුර 1891 රජයේ පාසලක් ලෙස පත්ව ඇත . එහි මුල්ම විදුහල්පති තනතුර හොබවා ඇත්තේ ජේ.ඩී.එස් සේනානායක මහතායි . 1900 වර්ෂයෙන් පසු ගැහැණූ ළමුන් සඳහා වෙනම පාසලක් ලෙස පවත්වා ගෙන ගිය පෞද්ගලික  පාසල මෙම පිරිමි පාසලට ඒකාබද්ධ කර  මිශ්‍ර පාසලක් බවට පත් කරන ලදි . එහි මුල්ම විදුහල්පති එස් .එල් .ජේ. පෙරේරා  මහතා පත් කර ඇත . එච් .එම් අබේරත්න මහතා විදුහල්පති ලෙස කටයුතු කරන කාලයේදී ඉංග්‍රිසී භාෂාව ද විෂයයක් ලෙස උගන්වනු ලැබීය .

            1932 දී ග්‍රාමිය අධ්‍යාපනය මගින් නව ක්‍රමයක් ඇතිවිය . මේ අනුව දිනකට පැය 03 ක් කෘෂිකර්ම ප්‍රායෝගික වැඩ ද පැය දෙකක් වෙනත් විෂයයන් ඉගැන්වීම ද සිදුවිය . 1932 වර්ෂයේදී මුුස්ලිම් සිසුන් දෙමළ සිසුන් සඳහා වෙනම දෙමළ අංශයක් හා සිංහල පාසල් යටතේ ආරම්භ විය .

            1940 දී ඩී .එම් විජේසුන්දර මහතා විදුහල්පති ලෙස පත්විය . මෙකල මධ්‍යම කලාපයේ අධ්‍යාපන කාර්යාලය මගින් මෙම විදුහල පාලනය වු අතර  පසුව නැගෙනහිර පළාත්  අධ්‍යාපන කාර්යාලය මගින්  පාලනය  විය . මුස්ලිම් හා දෙමළ සිසුන් සඳහා වෙනම අංශයක් පැවති අතර වෙනම ද්‍රවිඩ විදුහල්පතිවරයකු යටතේ මෙම පාසලේම පවත්වාගෙන යන ලදි .  1946 .01.01 දින පස්සරට  මධ්‍ය මහ විද්‍යාලයක්  ලැබිනි . 1943. 03.01 දින සිට සිංහල හා දෙමළ පාසල් දෙක පස්සර මධ්‍ය මහ විද්‍යාලයේ  අනුයුක්ත කොට එහි විදුහල්පතිවරයකුගේ පාලනයට යටත් කළේ ය . එස්. එල් ඒ .රත්නායක මහතා එම විදුහලේ විදුහල්පතිවරයකු ලෙස පත්විය . ඇන්තනීස් , සභාපති පිල්ලෙයි , ආරියරත්න ජයතිලක මහතා හා එදිරීවීර  යන මහත්වරුන්  පිළිවෙළින්  විදුහල්පතිවරුන් ලෙස සේවය කරන ලදි. බෝගොඩ ප්‍රේමරත්න මහතා ද මෙම විදුහලේ විදුහල්පති ලෙස සේවය කර ඇත .

            1957 වර්ෂයේ මධ්‍ය මහ විදුහලට වෙනත් ස්ථානයකට  ගෙන ගිය අතර දෙමළ පාසල වෙනත් ස්ථානයකටත් , මුස්ලිම් සිසුන් සදහා වෙනම තැනකට මුස්ලිම් පාසල රැගෙන ගියේ ය . එකල සිංහල පාසල් විදුහල්පති ලෙස කටයුතු කර ඇත්තේ  බුද්ධාදාස  කාරියවසම් මහතායි . පී. එම් . ගුණදාස , ඒ . වී පල්ලියගුරු ,ඩී. එම් විජෙසුන්දර , සෙනරත් හපුආරච්ච් , ඩී.එම්.එම්.බී දිසානායක , එම්.ඩබ්ලිව්. ප්‍රේමසිංහ  , අ.මු සෝමපාල යන මහත්වරුන්      මෙම පාසලේ  විදුහල්පතිවරු ලෙස කටයුතු කර ඇත .

 

මෙම පාසල නව මාවතක් ඔස්සේ දියුණුව කරා ගෙන ගිය 1978 පසුව සේවයට පත්වු අ . මු සෝමපාල මහතා 1985 දක්වා සේවය කර ඇති අතර එම කාල සීමාව තුල විශාල දියුණුවක් ඇතිකරලීම තුළින් 1978 ප්‍රාථමික විදුහලක් ලෙස නම් කර තිබු  මෙම පාසල 1978 වර්ෂයේ මහා විද්‍යාලයක් බවට පත්විය . පස්සර  ප්‍රදේශයේ තිබු අනෙක් පාසල් අභිබවා පෙරමුණට ඇදී ආවේය .

 විද්‍යාලයේ මේ සීග්‍ර ප්‍රගතිය සඳහා වැදගත් වුයේ විදුහල්පතිතුමාගේ විනයගරුක බව හා ශික්ෂාකාමිත්වය තුළින් ගුරු මණ්ඩලය මෙහෙයවීම හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිවැරදි මාවතකට යොමු කිරීමයි . කථිකත්වය , රංගනය , ගායනය වැනි කුසලතා ඔප්නැංවු අතර සමිති සමාගම් ද ආරම්භ කෙරිණි.ගැමුණූ මහ විදුහලට එතෙක් ලබා ගැනීමට නොහැකි වු කලාප ක්‍රීඩා ශුරතාවය 1982 වර්ෂයේ සිට ලබා ගැනීමට  ද හැකිවිය . ඒ තුලින් සමස්ත ලංකා ජයග්‍රහණ දක්වාම සිසුන් යොමු කිරිමක් දක්නට ලැබුණි.

පාසල හැරගිය සිසුන් සඳහා වෘත්තීය පාඨමාලාවන් 04 ක් එනම් , විදුලි කාර්මික , වඩුවැඩ , මේසන් වැඩ හා වෙල්ඩින් වැඩ වලට සිසුන් සහභාගි කරවා ගෙන වෘත්තීයමය වශයෙන් සිසුන්ට මඟපෙන්වීම කළේය .

            මහ විදුහලක් ලෙස පත්වු පසු මෙම පාසලේ අ . පො. ස (උ.පෙළ) පංති ආරම්භ කර විශ්ව විද්‍යාල ප්‍රවේශයට බොහෝ සිසුන් ප්‍රමාණයක් යොමු කිරීමට ද හැකිවිය .

  1985 වර්ෂයේ සිට 1992 දක්වා සේවය කළ විදුහල්පති ආර්.එම්.ජේ බණ්ඩාර මහතාගේ කාලයේදී පාසලේ භෞතික දියුණුවක් කරා යොමුවිය . ක්‍රීඩා පිටිය ඉදිකිරීම , පාසලේ මාර්ගය සැකසීම , වැසිකිලි පද්ධති ඉදිකිරීම තුළින් පාසල තවත් ඉදිරියට ගෙන ඒමට හැකිවිය .

            1992 වර්ෂයෙන් පසු විදුහලේ පසුබෑමක් සිදුවු අතර 1800 ක් පමණ සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 200 ක් දක්වා අඩුවීමක් දක්නට ලැබිණි .

2010 වර්ෂයෙන් පසු නැවත පියවරින් පියවර පාසල දියුණූ කිරීමට සේවය කල එම් .එම්.ඩබ්.ද සිල්වා මහතා, ජී.එස් ජයමාන්න මහතා ,එච්.එම්.එල් බි. හේරත් මහතා කටයුතු කිරීමෙන් පසු මා 2021 වර්ෂයේ සිට මනාව මෙම පාසලේ විදුහල්පති භූමිකාව දැරීමට සිදුවිය . බ / ගැමුණූ මහ විදුහලේ 80 දශකයේ ආදිශිෂ්‍යයෙකු ලෙසත් , 90 දශකයේ ගුරුවරයකු ලෙස සේවය කිරීමත් එම පාසලේම විදුහල්පති වීමේ භාග්‍යත් මා හට උදාවිය . දැනට පාසලේ ගුරුභවතුන් 45 ක් ද අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයින් 06 ක් ද සිසුන් 800 ක් පමණ ද සිටිති .මේ පාසලේ  ශක්තීන් දුර්වලතා අභියෝග හා අවස්ථා සැලකිල්ලට ගනිමින් 21 වන සියවසේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව අප පාසල ද තේරීපත් ඇති බැවින් භෞතික හා මානව සම්පත් උපයෝගී කර ගනිමින් පාසල පළාත් සභා පාසල් අතර ප්‍රථම ස්ථානයට ඔසවා තැබීමට උත්සහ ගනිමි .

 

අප පාසල බ / ගැමුණූ මහ විදුහලයි . එය බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර අධ්‍යාපන කලාපයට අයත් පළාත් සභා පාසලකි. මෙම පාසල 1 – 13 ශ්‍රේණි දක්වා පංති පැවැත්වෙන මිශ්‍ර පාසලකි .

                    දැනට සිසුන් 800 ක් පමණ ඉගෙනුම ලබන පාසලකි . පාසලේ ගුරු මණ්ඩලය 40 ක් පමණ සේවය කරති . අනධ්‍යයන කාර්ය මණ්ඩලය 06 කි . පාසලේ  ප්‍රාථමික අංශයේ 1 – 05 දක්වා සමාන්තර පංති 02 බැගින් පංති 10 ක් පැවැත්වෙි .   අ . පො . ස උසස් පෙළ 12-13 කලා විෂය ධාරාව හා වාණිජ විෂය ධාරාව පැවැත්වේ . 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව  විභාගයෙන් වාර්ෂිකව කලාපයේ ඉහළම ප්‍රතිළුල පෙන්වන පාසලකි. සිසුන් 20 ක් පමණ කඩයිමි ලකුණූ මටිටමෙන්  ඉහළ ප්‍රතිශතයක් ලබාගත් අ .පො.ස (සා.පෙළ) විභාගයෙන්  ද වාර්ෂිකව 80 % ට වැඩි ප්‍රතිශතයකින් පෙන්නුමි කරයි . අ .පො .ස උසස්පෙළ විභාගයෙන් 80 % ට වඩා ප්‍රතිශතයක් පෙන්නුම් කරයි . මෙම පාසලෙන් ඉගෙනුම ලැබු බොහෝ සිසුන් වර්තමානයේ රජයේ හා පෞද්ගලික අංශයේ විවිධ රැකියාවල නිරත වී ඇත. මෙම පාසල දිනෙන් දින දියුණූව කරා පිය නගන පාසලක් බවට පත්වී ඇත .

 

 

 

 

 

 

GEMUNU M.V.

බ/ගැමුණු මහා විදුහල

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • contact details

Contact us

  • :  
  • Bd/Gamunu Maha Vidyalaya Passara., Passara, Sri Lanka

: (+94)+94552288263

: [email protected]

Supported By

© 2026 GEMUNU M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk